ජිම්නාස්ටික් තරගාවලියේ සමස්ත ලංකා ශූරතාව අදිකාරම් විද්‍යාලයට

0
7

මහනුවර නාගරික ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පසුගිය 13, 14 දිනවල පැවති 2025 පාසල් ඇරෝබික් ජිම්නාස්ටික් තරගාවලියේදී වයස අවුරුදු 14න් පහළ බාලක කණ්ඩායම් තරගයේදී පාසල් 11 පරදා දෙවන ස්ථානයත් ත්‍රිත්ව ඉසව්වේදී කණ්ඩායම් 13ක් පරදා ප්‍රථම ස්ථානයත් හිමිකර ගනිමින් මුළු ලකුණු 12ක් ලබාගත් මතුගම ඊ. ඩබ්. අදිකාරම් මහා විiාල බාලක කණ්ඩායම සමස්ත ලංකා ශූරතාව දිනාගැනීමට සමත් විය. වත්මන් විදුහල්පති සමන්ත විජේනායක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ප්‍රධාන පුහුණුකරු පූජිත රන්සිළු මහතා මෙම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපකිරීමක් කොට ඇති අතර දෙමාපියන්ගෙන් ද මේ සඳහා විශාල සහයෝගයක් ලැබී තිබේ. මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ පාසලේ ඇරොබික් ජිම්නාස්ටික් ආරම්භ කර වසරක් වැනි කාලයක් තුළයි. ගගන ඉඳුසර, ප්‍රවීන් මධුභාෂණ, විහඟ හසරැල්, සනිතු මෙත්සාන්, රන්දිදු කේසර මෙම තරගාවලියට ඉදිරිපත් වූ සිසු කණ්ඩායමයි.

සමීර කන්නන්ගර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here