ජින්තුපිටියේ වෙඩි තැබීමකින් අයකු මරුට; කිහිපදෙනෙකුට තුවාල

0
2

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත්  වෙඩි තැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.

කළුතර වෙඩි වැදුන අයත් මරුට

මේ අතර, අද (14) පස්වරු 7.50 ට පමණ කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබිණි.

වෙඩි වැදීමෙන් වයස අවුරුදු 32ක අයෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණ 9mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here