ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

0
2

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් තුළදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලබා තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අවුරුදු 20ක් වූ මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියෙන් තුවාල ලැබූවන් අවුරුදු 19, 27 සහ 28 වයස්වල පසුවන සිලාවතුර සහ ග්‍රෑන්ඩ්පාස් මෙන්ම කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලීසිය ඇතුලු පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

The post ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here