ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට

0
2

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඊයේ (03) දහවල් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 830 ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අවුරුදු 24 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here