ජැක් ඔබට මාව ඇහෙනවද ?

0
12


අවුරුදු හතලිස් පහක් ගෙවුනත් ජැක් තමන්ගෙ බලාපොරොත්තු අත්හැරියෙ නෑ. හවස හත වෙන්න විනාඩි පහක් තියෙද්දි ඔහුගෙ පරණ රේඩියෝවේ රහස් සංඛ්‍යාතයක් සුසුර කරපු ජැක් තමන්ගෙ ප්‍රියතම අසුනේ හෙමිහිට වාඩිවුනා. 

රේඩියෝවෙන් එන අපහැදිලි හඬ මුළු කාමරය පුරාම පැතිරෙද්දි ජැක්ගේ නෙත් නොදැනුවත්ම තමන්ගෙ ආදරණීය බිරිඳ එඩ්නාගේ ජායාරූපය වෙත යොමුවුනා. ඇය කොහොමත් සුන්දර කාන්තාවක්. 

“දරුවො මට අද කතා කල විදිහ ඔයා කවදාවත් විශ්වාස කරන එකක් නෑ එඩ්නා, එයාල මට මේ තරම් අකමැති වෙන්න හේතුවවත් දැන ගන්න ලැබුනා නම්” කියල ජැක් හිතුව.  

ගතවෙලා යමින් තිබ්බෙ ජැක්ට සුවපහසු දිනයක් නම් නෙමෙයි. ඒ ජැක්ගෙ බිරිඳ එඩ්නාගෙ පළමු විවාහයේ දරුවන් වුනු ටිම් හා පිලිප් ඔහුගෙ නිවසට ඇවිත් ගිහින් තිබුන නිසයි. හැමදාම වගේ එයාලට මහලු ජැක්ව වැඩිහිටි නිවාසයකට එක්කන් ගිහින් භාරදෙන්න ඕන වෙලා තිබ්බ. 

එයාල කීවෙ ජැක්ගේ මහලු බව නිසා ඔහුට අමතක වීමේ රෝගය වැළැඳී තියෙනව කියලයි. ඇත්තටම ඒක කෙලින්ම කීවෙ නැතත් එයාලගෙ වචන වලින් ජැක්ට ඒ බව තේරුන් ගන්ඩ පුළුවන් වුනා. 

“හැමෝම හිතන්නෙ මන් ඔබව හිතින් මාවගෙන කියලයි ගැරී!” ජැක් ඔහු වාඩිවෙලා හිටිය අසුනෙන් නැගිටලා ආයෙමත් රේඩියෝව ලඟට ගිහින් රේඩියෝවෙ හඬ වැඩි කරන අතරෙ තමන්ටම කියාගත්තා. “ඒත්, කවදහරි දවසක ඔයාගෙ කටහඬ ආයෙ අහන්න පුළුවන් කියල මට විශ්වාසයි” 

අවුරුදු හතලිස් පහක ඉඳලම ජැක්ගේ හවස් කාලය ගතවෙලා තිබුනේ මේ විදිහටම තමයි. හරියටම හවස හතට විනාඩි පහක් තියෙද්දී ජැක් විතරක්ම දන්නා සංඛ්‍යාතයක් තමන්ගෙ රේඩියෝවේ සුසර කරන ඔහු ඉතාම අවධානයෙන් රේඩියෝවට කන් දුන්න. නමුත් එහි අපැහැදිලි හඬ හැරෙන්න වෙන කිසිම හඬක් මේ අවුරුදු හතලිස් පහටම කාටවත් අහන්න ලැබුනේ නම් නෑ. 

“ඔය වයසක මනුස්සයව ගෙදරින් එළියට දාන්න විදිහක් තියෙන්ඩම ඕන”

මේ අතරේ ගෙදර කුස්සියට එබිකම් කරපු පිලිප්ට ඇහුනේ ඔහුගෙ පියා, ඩේවිඩ් සහ මාම ටිම් අතරෙ ඇතිවුන කතාබහක්. එයාල මේ කතා කරන්නෙ තමන්ගෙ ජැක් සීයා ගැන කියල පිලිප් දැනගෙන හිටිය. සීයා ගැන තාත්තායි මාමායි අතර ඇතිවෙන කතාබහ ජැක්ට සුපුරුදු දෙයක් වෙලයි තිබුනේ. හැබැයි ඒ කතාබහ කරන ගොඩක් වෙලාවල් වල එයාල පාවිච්චි  කරන සමහර වචන නම් ජැක්ට කතා කරන්නත් තහනම් කරලයි තිබ්බෙ. 

“ඇත්තටම ඒ නන් නරක අදහසක් නෙමෙයි. ටිම්, අර රේඩියෝව හවසට අහගෙන ඉන්න විදිහ මානසික වෛද්‍යවරයට පෙන්නුවනන් අපිට අනිවාර්යෙන් ඔප්පු කරලම කියන්ඩ පුළුවන් වයසක මනුස්සයට පිස්සු හැදිලයි ඉන්නෙ කියල. එතකොට මනුස්සය ගැන තිරණ ගන්න නීත්‍යානුකූල අයිතිය අපිට අරගෙනම මහළු නිවාසෙකට ගිහින් දාන්න පුළුවන්.”

තමන්ගෙ තාත්තගේ ඒ කතාවෙන් පිලිප් තිගැස්සුනා. ජැක් සීයාට පිලිප් ඇත්තටම ආදරෙයි. පිලිප්ටත් තේරුන් ගන්න බැරිවුනා ඇයි තාත්තයි ටිම් මාමයි මේ තරන් සීයාට අකමැති වෙන්නෙ ඇයි කියල. 

“හරි ටිම්, ඔයා වැඩිහිටි නිවාසයක් ගැන බලන්න. මම මානසික වෛද්‍යවරයෙක්ව හොයන ගමන්ම අපේ නීතීඥ මහත්තයටත් කතා කරන්නන්.” ඩේවිඩ් එහෙම කියල කතාව අවසන් කරා. 

තමන් හැංඟිලා හිටපු තැනට තාත්ත එන බව තේරුනු පිලිප් ඉක්මණින් ගිහින් සාලෙ වාඩිවුනා. රූපවාහිනිය ක්‍රියාත්මක කරල තමන් කාටුන් බලමින් ඉන්න බව තාත්තට පෙන්නන්ඩත් පිලිප් අමතක කරේ නෑ. කාටුන් බලන ගමන් හිටියත් තාත්තයි මාමයි කතාවුන දේවල් වලින් පිලිප්ගෙ ඔලුව අවුල් වෙලයි තිබ්බෙ. 

හැබැයි පිලිප් එක දෙයක් හොඳටම දැනන් හිටිය. ඒ තාත්තල කියනව වගේ ජැක් සීයට පිස්සු හැදිල නම් නෑ කියන එකයි.   

ඒ නිසාමයි තාත්ත දැනගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනව කියල දැන දැනත් පිලිප් ඊළඟ දවසෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ගමන් සීයාව බලන්න සීයගෙ ගෙදර යන්න තීරණය කරේ. එයාට ඕන කරා ජැක් සීයාට ඇත්තටම මොකද වෙලා තියන්නෙ බලන්න. 

පිලිප්ට ඇතුලට එන්න සීය දොර අරිද්දිම ගේ ඇතුලට ගිය පිලිප් කෙලින්ම සීයගෙ පරණ රේඩියෝව ලඟට ගියා. 

“සීයා ඇත්තටම ඇයි මේ රේඩියෝව තවත් තියාගෙන ඉන්නෙ” පිලිප් ඇහුව.

“මේකෙන් තමයි තාමත් මම, මගෙ යාළුව ගැරි එක්ක සම්බන්ධ වෙලා ඉන්නෙ.’ ජැක් තමන්ගෙ මුණුපුරාට උත්තර දුන්න. 

“අපි ඔයාගෙ වයසෙදි වෝකි – ටෝකි වලින් කතා කරන්න පටන් ගත්ත පිලිප්. ඒකට අපි දෙන්නටම විශේෂ වෙච්ච සංඛ්‍යාතයක් තිබ්බ. ලෝක යුද්ධ කාලෙදී අපේ මේ රහස් සංඛ්‍යාතය හින්ද මට ගැරීගෙ ජීවිතේ බේරගන්නත් පුළුවන් වුනා.” ජැක් කීව. 

“මොකද්ද වුනේ සීයා” පිලිප් ඇහුවෙ පුදුමයෙන්.

“යුද්ධේ අතරෙදි එළියට එන්න බැරුව එයා හිරවුනා. ඒත් එයාට පුළුවන් වුනා අපේ රහස් සංඛ්‍යාතයේ උදව්වෙන් එයා කොහෙද ඉන්නෙ කියල මට කියන්න. ඊට පස්සෙ මන් ගිහින් එයාව බේරගෙන ආව” ජැක් ආඩම්බරෙන් උත්තර දුන්න. 

පුදුමයෙන් සීයා ලඟට ගියපු පිලිප් සීයගෙ මූණ ලඟටම පාත්වෙලා හෙමීට ඇහුව. “දැන් ඔයාගෙ යාළුව ගැරී කෝ සීයා”.

සුසුමක් හෙලපු ජැක් පිලිප්ට පිළිතුරු දුන්නා. “ගැරී ඉන්නෙ කොහෙද කියල මම  දැනගෙන හිටියනන් කොච්චර දෙයක් ද ? යුද්ධෙන් පස්සෙ ගැරී එංගලන්තයට ගියා. ඒ එයා ආදරේ කරපු හෙදිය හොයාගන්න බලාපොත්තුවෙන්. ගැරී මට පොරොන්දු වුනා ආපහු එනව කියල. ඒ වගේම අපේ රහස් සංඛ්‍යාතය පාවිච්චි කරල එයා කතා කරනකම් හවස හතට රේඩියෝව අහන්න කියලත්. “ 

ජැක් රේඩියෝව ලඟට ඇවිදගෙන ගියා. “ දැන් අවුරුදු හතලිස් පහක් ගෙවිලත් ගැරී මට කතා කරේ නෑ. ඒත් එයා කවදහරි කතා කරාවි කියල මන් තාම බලන් ඉන්නව.” 

පිලිප්ට සිද්ධ වෙලා තියෙන දේ පැහැදිලි වුනා. පිලිප්ගෙ අම්ම හැමවෙලේම කීවෙ තමන්ගෙ යටිහිත කියන දේ විශ්වාස කරන්න කියලයි. ඉතිං, මේ වෙලාවෙ පිලිප්ගෙ යටිහිත කීවෙ ජැක් සීයා මේ කියන කතාව ඇත්තක් වෙන්න ඕනෙ කියලයි. 

ජැක් සීයගෙ සැප දුක් අහන්නත් පිලිප් අමතක කරේ නෑ.

“මම හොඳින් ඉන්නව පොඩ්ඩෝ.” ජැක් හිනාවෙමින් උත්තර දුන්න. “ඒ වගේම බලන්නකෝ මන් කැමතිම මුණුපුරා මාව බලන්න ඇවිල්ලනේ ඉන්නෙ. ඒ නිසා මේ මුළු සතියෙම මට සන්තෝසෙන් ඉන්න පුළුවන්.”

“ මම තමයි ඔයාගේ එකම මුණුපුරා සීයා” පිලිප් සතුටින් කීව.

සීයත් එක්ක යුද්ධෙ කාලෙ කතා වගේම ගැරී ගැනත් තව ගොඩාක් දේවල් කතා කරපු පිලිප් ගෙදර යන්න පිටත් වුනා. ඒ තමන්ගෙ සීයා හොඳ සනීපෙන් ඉන්න එක ගැන හිතේ ඇතිවෙලා තිබ්බ සතුටත් එක්කමයි.

ඒත් එදා හවස තමන්ගේ තාත්තත් ටිම් මාමත් අතරෙ ඇතිවුන තවත් කතාබහක් අහන්න ලැබුනට පස්සෙ ජැක් සීයා වෙනුවෙන් ඉක්මනින්ම යමක් කරන්න ඕන කියන අදහස පිලිප්ගෙ හිතේ ඇතිවුනා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here