මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමා ගොස් ඇතැයි සැකකෙරෙන පුද්ගලයින් 06දෙනෙකු තලෛයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ජාවාරම්කරුවන් විසින් මෙම පිරිස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බව නාවික හමුදා පවසන අතර ඔවුන් අවුරුදු 08ත් 56ත් අතර වයසේ පසුවන වව්නියාවල මඩු සහ කොක්කඩිචෝලේ යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් බවට අනාවරණය වී ඇත.
එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණ.
Saru FM Media