ජාන් හඔා යන රුමේෂ්, මීටර් 90 ට කිට්ටු වෙයි.

0
7

නිශ්මං රණසිංහ ,මාර්තු 28, කොළඹ LNW:

ජාන් සිලෙන්සි සතු හෙල්ල වීසි කිරීමේ ලෝක වාර්තාව මීටර් 98.48 ය.එම වාර්තාවට මේ වසර 30 කි. මීට වසර 30 ක ට පෙර ශ්‍රීලංකාවේ පිරිමි හෙල්ල වීසි කිරීමේ ඉසව්වේදී මීටර් 75 ඉක්මවා යන්නෙත් නොමැති තරම්ය.

වසර 30 ට පෙර හෙල්ලේ පරතරය එබඳුය.ජාන් අති විශිෂ්ඨයෙකි.වසර 30 පසුවත් හෙල්ල මීටර් 90 දැන් ඉක්මවා යන්නේද අඩුවෙන්ය.ලෝකය එබඳු වෙද්දී දැන් ලංකාවට ලෝකයේ පෙරමුණේම සිටින හෙල්ල වීසි කිරීමේ සූරයෙකු සිටින්නේය.

ඔහුගේ වයසත් සමඟ සහ වර්ධනය වන ස්වභාවය ගත් විට ඔහු ජාන් ද අභිබවා යනු ඇතැයි සිතීම අතිශෝක්තියක් නොවේය.එහි හොදම අනාවැකිය ඔහු පෙන්වූයේ අදය.ඒ දියගමදී ය.වාර්තා කළ දුර මීටර් 89.37 කි.

The post ජාන් හඔා යන රුමේෂ්, මීටර් 90 ට කිට්ටු වෙයි. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here