ජාතික සිව්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 6 දා සිට ක්‍රියාත්මකයි

0
2

නිශ්මං රණසිංහ ,මාර්තු 25, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන විශේෂ ජාතික සිව් දින තරගාවලිය කණ්ඩායම් හතරක් අතර පැවත්වීමට කටයුතු යොදා තිබෙන අතර එය අප්‍රේල් 6 වන දා ආරම්භ කිරීමට නියමිතයි.අප්‍රේල් 6 වන දා තරගාවලිය අරඹමින් ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගය දඹුල්ල රන්ගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එම තරගය මෙන්ම 6 වන දා සිට 9 වන දා දක්වා වන අනෙක් තරගය පැවත්වෙන්නේ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ය.එහිදී මුණ ගැසීමට නියමිත කණ්ඩායම් දෙක වන්නේ කොළඹ සහ දඹුල්ල කණ්ඩායමයි.

තරගාවලියේ දෙවන තරග යුගලය අප්‍රේල් 19 සිට 22 දක්වාත්,තෙවන තරග යුගලය අප්‍රේල් 25 සිට 28 වන දා දක්වාත් පැවත්වීමට කටයුතු සැළසුම් කර ඇත.අවසාන තරගය පැවත්වෙන්නේ 4 සිට 7 දක්වා ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ය.
තරගාවලිය පැවත්වෙන්නේ දඹුල්ල,ආර් ප්‍රේමදාස සහ හම්බන්තොට යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගෙනය.

The post ජාතික සිව්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 6 දා සිට ක්‍රියාත්මකයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here