ජාතික රෝහලට ප්‍රතික්‍රීයක ගැනීමේ මූල්‍ය අක්‍රමිකතාව ගැන අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

0
1

2022 වසරේ සිට මේ දක්වා කොළඹ ජාතික රෝහලට රසායනික ප්‍රතික්‍රීයක (රසායනික උපකරණ) මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 2500 කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇතැයි සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රජයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති මෙම විමර්ශන යටපත් කිරීමට උත්සාහ දරන බවට ද ඒ මහතා චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ද මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර අල්ලස් කොමිසම ද විමර්ශන ආරම්භ කළ බව දැනුම් දී තිබෙන බව වෛද්‍ය චමල් සංජීව මහතා කීය.

ජාතික රෝහලට රසායනික උපකරණ මිලදී ගැනීමේදී එක් සමාගමකින් පමණක් එම උපකරණ මිලදී ගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස තමා ඇතුළු තවත් සිවිල් සංවිධාන දෙකක නායකයන් විමර්ශනයට අදාළ පැමිණිල්ල සිදු කළ බවද ඒ මහතා කීය.

මෙම පරීක්‍ෂණ යටපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රජයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති උත්සාහයක නිරත වන බවද සංජීව මහතා තවදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here