ජාතික නිවාස මෙහෙයුම් කමිටුව ස්ථාපිත කෙරේ

0
3

ජාතික නිවාස මෙහෙයුම් කමිටුව ස්ථාපිත කෙරේ

ජාතික නිවාස වැඩසටහන සඳහා මාර්ගෝපදේශ සැපයීමටත්, තාක්ෂණික උපදෙස් ලබාදීමට, අධීක්ෂණ ගැටලු විසඳීමට මැදිහත් වීම හා පසු විපරම් කිරීම පිණිස ජාතික නිවාස මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

2026 වර්ෂය තුළ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් වෙන් වී ඇත. අපේක්ෂිත අරමුණු ප්‍රශස්ථ මට්ටමෙන් ළඟා කරගැනීම සඳහා දැනට ක්‍රියාත්මක හා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇති නිවාස වැඩසටහන් ජාතික වශයෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට නිවාස නොමැති බව 2024 ජන හා නිවාස සංගණනය මගින් වාර්තා වී ඇත. ඒ අතරින් අඩු ආදායම්ලාභී ජනතාව, වතු ප්‍රජාව, ආබාධ සහිත පිරිස්, ධීවර ජනතාව, නිවාස අහිමි නාගරික ජනතාව සහ විවිධ හේතු මත අවතැන් වූ පිරිස් යන සුවිශේෂී කාණ්ඩ සඳහා නිවාස නොමැතිකම ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි.
එමනිසා සහභාගීත්ව සැලසුම්කරණය, ආර්ථික ඵලදායීතාව, පාරිසරික සුරක්ෂිතතාව, සාමාජීය අන්තර්කරණය සහ සංස්කෘතික යෝග්‍යතාව යනාදී මූලධර්ම පදනම් කරගනිමින් වර්තමාන නිවාස ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම හා යාවත්කාලීන කිරීම සිදුකළ යුතුව ඇත.
මේ වන විට අමාත්‍යංශ හා අනුබද්ධ ආයතන, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජා සංවිධාන විසින් විවිධ ක්‍රමවේද හා ප්‍රමිතීන්ට අනූව නිවාස වැඩසටහන් ක්‍රියාවට නංවමින් සිටින අතර නිවාස අංශයේ වගකීම බෙදී විසිරී ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here