ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු අත්අඩංගුවට

0
2

ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදවා තිබියදී එම මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින්, ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado) වර්ගයේ SUV ජිප් රථයක් කුලී පදනම මත ලබාගෙන ඇති බව සඳහන් වේ.

එමෙන්ම එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කලාද යන්න පිළිබඳව ද තහවුරු කර ගැනීමකින් තොරව, කුළි මුදල් වශයෙන් රුපියල් 12,750,000.00 ක පමණ මුදලක් ජී.ඒන් ඔටෝ හොල්ඩින් නැමති ආයතන වෙත ගෙවා තිබේ.

මීට අමතරව අදාළ ආයතනයෙන් එම වහනය සපයා ගැනීම සඳහා සැකකරු විසින් ප්‍රසම්පාදන රිතී නොසලකා හරිමින් කටයුතු කර එම ආයතනය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ද කටයුතු කර ඇති බව හෙළි වී ඇත.

සැකකරු විසින් අදාළ වාහනය නිසි ලෙස භාර ගැනීමක් සිදුකර නොමැති අතර, ඒ සඳහා මුදල් ගෙවීමෙන් සැපයුම්කරුට අයුතු වාසියක් ද සිදුකර ඇති බව සඳහන් වේ.

ඒ අනුව, දුෂණය නම් වරද සහ දුෂණය නැමැති වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන වරද සැකකරු විසින් සිදුකර ඇති අතර, එම ආයතනයට මුදල් ගෙවීමට කටයුතු කිරීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here