ජාතික ආරක්ෂාව ගැන මහලොකුවට කතා කළ මාලිමා ආණ්ඩුව අද මිනීමරුවන් ඉදිරියේ දණ ගසා අවසන්..! පාතාල කල්ලි රටේ නීතිය අතට අරන්..! VIDEO &  PHOTOS I Sri Lanka Latest News

0
2


මේ රජය ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීමේ සූර වීර කම් තිබේ යැයි දේශපාලන වේදිකාවේ පුරසාරම් දෙඩුවත් මේ වන විට සමාජයේ මිනිමැරුම් සිදුවන බවත් නිවසේ මහමඟ වැඩකරන තැන්වල මෙන්ම උසාවියේ පවා ඝාතන සිදුවන බවත් මිනිමරුවන්ගෙන් කප්පම්කාරයන්ගේ කොල්ලකාරයන්ගේ ග්‍රහණයට සමාජය හසුවී ඇති බවත් පාතාල කල්ලි සංවිධානාත්මක අපරාධකරුවන් රටේ නීතිය අතට ගෙන අවසන් බවත් නීතිය වල්බිහි වී කැලෑ නීතික ක්‍රියාත්මක වන මොහොතක රජයට අනුව මේවා ජාතික ආරක්ෂක ගැටලු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජාතික ආරක්ෂාව ගැන ලොකුවට කතා කළ රජය මිනිමරුවන් ඉදිරියේ දණ ගසා අවසන් බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියන රජයට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් ගන්න සිදුව ඇති බවත් මේ මිනිමරු සංස්කෘතිය නැති කර භීෂණයෙන් තොර සමාජයක් ගොඩනැගිය යුතු බවත් ඒ සදහා සමගි ජන බලවේගය කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර කුණ්ඩසාල ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

රටේ නීතිය හා සාමය රැකගන්න නම් සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ජයග්‍රහණය කළ පසු සෑම කොට්ඨාසයකම වසමකම කුඩා ගමකම, ගමකම ප්‍රජා කේන්ද්‍රීය ආරක්ෂක කමිටු ස්ථාපිත කර ප්‍රජාව කේන්ද්‍රීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කර ආරක්ෂක අංශ හා ප්‍රජාව සමග එකතු වී නිතිය හා සාමය සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් රජයට මෙවැනි වැඩපිළිවෙළක් නොමැති වුවත් සමගි ජන බලවේගයට පැහැදිලි දර්ශනයක් හා වැඩපිළිවෙළක් ඇති බවත් ඒ යුතුකම රට වෙනුවෙන් සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හදනවා කිව්ව පොහොසත් රට හැදුවද?

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පවත්වා දැන් ගමේ බලයත් ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන්න කියා ඉල්ලීම් කරමින් ජනතා විමුක්ති පෙරමුණ 3 වැනි වරමකුත් ඉල්ලමින් යන බවත් පිට පිටම පවත්වන 3 වැනි මැතිවරණයේ දී මෙරට ජනතාව මීට පෙර ලබා දුන් ජන වරම් දෙක වත්මන් රජය හසුරපු ආකාරය ගැන සොයා බැලිය යුතු බවත් සුබ නැකතින් රට අනුරට බාර දීලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න වරම් 2ක් ලබා දුන්නත් හදනවා කිව්ව පොහොසත් රටේ ජන ජීවිත ගැන ජනතාව හිතන්නේ කුමක්ද කියා නැවත වරක් සිතා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කියපු කිසි දෙයක් මේ රජය කළේ නැහැ

බලයට පැමිණ පසු සහල් කිරිපිටි හා පොල් ඇතුළු බඩු මිල අඩු කරනවා කිව්වත් බඩු මිල වේගයෙන් වැඩි වී ඇති බවත් ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දී ගන්න බැරි ආණ්ඩුවක් අද බිහිව ඇති බවත් 35000ක් රැකියා විරහිත උපාධිධාරීන්ට පළමු අයවැයෙන් පත්වීම් දෙනවා කිව්වත් ඒ පොරොන්දුව ද කඩ කර ඇති බවත් 33%කින් විදුලි බිල අඩු කිරිම, බදු කොමිස් දූෂණ වංචා දූෂණ නැති කර තෙල් මිල අඩු කිරිම, පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා දමා ඇති වැට් බදු ආදිය ඉවත් කරනවා කිව්වත් ඒ කිසිවක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නැවත වරක් රැවටෙනවාද කියා ජනතාව සිතිය යුතුයි

ගොවිතැනේ නියැලී සිටින ජනතාවට කලට වේලාවට පොහොර සහනාධාරය නොලැබෙන බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර පවා නොලැබෙන තැනක අනෙකුත් භෝගවලට සහන දෙනවා යැයි මැතිවරණ වේදිකාවේ කියමින් යන බවත් මේ එකක්වත් අයවැයට ඇතුළත් නොකර ඒවා ලබා දෙන්නේ කෙසේද කියා ගැටලු සහගත බවත් මොවුන් මේ කරන්නේ නැවත වරක් ජනතාව රැවටීමට අවශ්‍ය බොරු කීම බවත් එම නිසා මේ ජනතාව රවටන ජනතාව අන්දවන දේශපාලනය නැවතීමේ තිත තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපිට ජනාධිපතිගේ අරමුදල් තිබුණත් එකයි නැතත් එකයි

මහමැතිවරණයේදීත් ජනාධිපතිවරණයේ දීත් බොරුවට රැවටී නැවත වරක් මෙවරත් ආණ්ඩුවේ බොරුවලට රැවටෙනවාද කියා නැවත වරක් සිතිය යුතු බවත් දැන් බොරු කියා අවසානයේ මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් සහන ලබා දෙනවා යැයි නැවත වරක් බොරු කියමින් යන බවත් ජනාධිපතිවරයා ප්‍රතිපාදන දුන්නත් නැතත් සමගි ජන බලවේගය දිනන පළාත් පාලන ආයතනවලට විශිෂ්ට සේවාවක් කිරීමට සමගි ජන බලවේගයට හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here