ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආපු ආණ්ඩුවට දැන් ටියුෂන් ගන්න වෙලා! දැන් ජනතාවට ගෙදරත් මහපාරෙත් රස්සාව කරන තැනත් කිසි ආරක්ෂාවක් නැති තැනට පත්වෙලා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

0
5


සුබ නැකතින් රට අනුරට දීලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේක්ෂා කළත් අද වන විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පොරොන්දු වු පොහොසත් රටත් ලස්සන ජීවිතයත් නැති බවත් ජන සමාජය මැරයන්ගෙන් කොල්ලකරුවන්ගෙන් මිනිමරුන්ගේ ග්‍රහණයට ලක්ව මිලේච්ඡත්වය ප්‍රචණ්ඩත්වය පැතිරී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දෙන්න කයිවාරු ගැසු මේ රජයට අද ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව ඇති බවත් වෙඩි තැබීම් මිනිමැරුම් ජීවිත හානි රැසක් සිදුව ඇති බවත් නිවසත් මහමගත් රැකියා කරන තැනත් අනාරක්ෂිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාවතගම ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි

අද වන විට මහජනතාවට ආරක්ෂාවක් රැකවරණයක් පිහිටක් නැති බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යැයි කියු දේවල් කඩවුණු පොරොන්දු නාට්‍යක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බඩු මිල, තෙල් මිල, විදුලි බිල, වැට් බදු, සෙසු බදු ආදිය අඩු කරනවා යැයි කිව්වත් තවමත් ඒ පොරොන්දු හරිහැටි ඉටු කර නොමැති බවත් මයික්‍රෝෆෝන් අතට ගෙන මේ ආණ්ඩුව ටොම් පච ගසා ජනතාව මංමුලාකර අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දැන් අයවැයේ නැති දේවල් පවා කියා ජනතාව රවටමින් සිටින බවත් රට රවටන ජනතාවට බොරු කියන මේ වැඩ බැරි ආණ්ඩුව පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here