ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට චෝදනා පත්‍ර භාරදෙයි – Saru News | සිංහල

0
2

අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලකට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දී තිබේ.

ඒ අනුව, ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාරදීම සිදු කර ඇත.

ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ, 2024 වසරේ පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහා අධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙනි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here