ජාත්‍ය­න්තර සම්බ­න්ධතා ශක්ති­මත්ව අපනයනවලට තීරුබදු සහන නැත්තේ ඇයි – හර්ෂ

0
3

ආණ්ඩුව පව­සන ආකා­ර­යට ජාත්‍ය­න්තර සම්බ­න්ධතා ශක්ති­මත්ව පව­ත්වා­ගෙන යන්නේ නම්, අප­න­යන සඳහා තීරු බදු සහන ලබා­ගැ­නී­මට හැකි­යා­වක් ලැබී නැත්තේ ඇයි­දැයි සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරයි.

සිළු­මිණ සමඟ සම්මුඛ සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ඔහු මේ අද­හස් පළ­කර තිබිණි.

ඉන්දි­යාව අමෙ­රි­කාව සමඟ වෙළෙඳ ගිවි­සු­ම­කට අදාළ පසු­බිම සකස් කර­ගැ­නී­මෙන් පසු තමන්ට පනවා තිබූ බදු අඩු කර­ගත් බවත්, ඉන් නොනැ­වතී යුරෝපා සංග­මය සමඟ ද එවැනි ගිවි­සු­ම­කට පැමිණ ඒ හරහා ඉන්දි­යාවේ නිෂ්පා­දන යුරෝ­පයේ රට­වල් 20කට තීරු බදු රහි­තව යැවී­මට අව­ස්ථාව සක­සා­ගෙන ඇති බවත් මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

බංග්ලා­දේ­ශය ද අමෙ­රි­කාව සමඟ මෙවැනි ගිවි­සු­ම­කට ගොස් ඇති බවත් ලංකා­වට එවැනි අව­ස්ථා­වක් ලබා­ගැ­නී­මට මෙතෙක් හැකි­යා­වක් ලැබී නැති බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here