“ජාත්‍යන්තර නීතිය අනුව ඉරාන නාවිකයන් භාරදිය යුත්තේ මව් රටටයි”

0
2

ශ්‍රී ලංකාව විසින් බේරාගනු ලැබූ ඉරාන නාවික සෙබළුන් සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ජාත්‍යන්තර නීතියෙන් ඇමරිකාවට කිසිදු අයිතියක් නොමැති බවත්, එම පිරිස භාරදිය යුත්තේ ඔවුන්ගේ මව් රට වන ඉරානයට පමණක් බවත් හිටපු මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා පවසයි.

ලංකාව මෙම බේරාගැනීමේ කටයුතු කරනු ලැබුවේ වෙරළාසන්න ‘රාජ්‍ය වගකීම’ නම් ජාත්‍යන්තරයේ පිළිගත් වගකීමෙන් අප රට බැඳී සිටින නිසා බව පවසන අද්මිරාල්වරයා, සාගරයේ ජීවිත සුරැකීම සඳහා 1974 අත්සන් කෙරුණු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව මෙකී සිදුවීම් වූයේ අපට අයත් ගලවා ගැනීමේ කලාපය තුළ බැවින් එහි කිසිදු ගැටලුවක් නොමැති බව සඳහන් කරයි. 

මෙවැනි අවස්ථාවක අනතුරට පත් ජීවිත බේරාගැනීම සඳහා ඉදිරිපත් වීමට රටක් ලෙස බැඳී සිටින බවද ඔහු කියා සිටී.

මූලාශ්‍රය – සති අග අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here