ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවයෙන් ලැබුණු කෝටි හතලිස් පන් ලක්ෂයේ කුෂ් හා හෂීස්

0
11


රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා, කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක්, ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබියදී, කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද (23) පස්වරුවේ අත් අඩංගුවට ගනු ලැබුවා.

අමෙරිකාව, එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල සිට ශ්‍රී ලංකාවේ මීගමුව, කදාන, කතරගම, ගනේමුල්ල, මාලඹේ, කොළඹ ප්‍රදේශයේ ලිපිනයන් කිහිපයකට එවා තිබූ සැක කටයුතු පාර්සල් 14ක් , රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා ( Scan Test ) කිරීම් සිදු කර, ඒවා අතරින් පාර්සල් 12 ක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබියදී සොයා ගැනුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගය අතර කුෂ් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 677ක් සහ හෂීෂ් කිලෝග්‍රෑමයක් සහ ග්‍රෑම් 852ක් තිබී සොයාගත් බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මෙම කුෂ් මත්ද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදනය කළ විද්‍යුත් දුම්වැටි තොගයක් සහ චුයින්ගම් තොගයක් ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here