මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම ඡායාරූප ශිල්පියකු වූ දිවංගත බන්දු එස්. කොඩිකාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06 වැනිදා) සවස 5.00ට නෙල්ලිගහ ආදාහනාගාරයේදී සිදුකෙරේ. දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා මාකොළ සුප්‍රීම් මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
බන්දු එස්. කොඩිකාර මහතා මියයන විට 83 වැනි වියේ පසුවිය. ඔහු ඡායාරූප මාධ්‍යවේදීන් දෙපළක් වන චතුර එස්. කොඩිකාර සහ ඉෂාර එස්. කොඩිකාර යන මහත්වරුන්ගේ ආදරණීය පියාය. එසේම බන්දු මහතා දිවංගත ලිලියන් කොඩිකාර මහත්මියගේ ස්වාමිපුරුෂයාය.
බන්දු එස්. කොඩිකාර මහතා දකුණු පළාතේ මාතර දෙවිනුවර ගමේ උපත ලද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 48ක දිගු සේවා කාලයක් සේවය කළ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.
ලේක්හවුස් ආයතනයේ ‘දිනමිණ’ පුවත්පත, විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, උපාලි පුවත්පත් සමාගමේ ‘දිවයින’, සුමති පුවත්පත් සමාගමේ ‘ලක්බිම’ යන පුවත්පත්වල ඡායාරූප ශිල්පියකු හා ඡායාරූප කර්තෘ තනතුර හෙබවූ ඒ මහතා ශ්‍රී ලාංකීය ඡායාරූප ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් එක් කිරීමට සමත් වූ නිහතමානි ඡායාරූප ශිල්පියෙකි. ඔහු ‘දිවයින’ පුවත්පතේ හිටපු ඡායාරූප කර්තෘවරයෙක් ද වේ.
ඉංජිනේරුවරයකු වීමේ අභිලාෂයෙන් විශ්වවිiාල ප්‍රවේශය දක්වා පානදුර සිරිල් ජෑන්ස් විදුහලේ අධ්‍යාපනය ලැබූ බන්දු එස්. කොඩිකාර මහතා සිය විදුහලේ ‘විදු දහර’ නම් වූ විiා සඟරාවේ සංස්කාරකවරයා ද විය. ‘දවස’ පුවත්පත් ආයතනයෙන් ප්‍රකාශයට පත් කළ ‘ටිකිරි’ ළමා පුවත්පතට හෙතෙම ළමා කාලයේ සිටම සම්බන්ධ වී සිටියේය.
1960 දශකයේ මුල්භාගයේදී ‘දවස’ පුවත්පත් ආයතනයේ නිදහස් ඡායාරූප ශිල්පියකු ලෙස සේවයට එක්වූ ඔහු පසුව ලේක්හවුස් ආයතනයෙන් ආරම්භ කෙරුණු ‘සරසවිය’ සිනමා පුවත්පතේ ආරම්භක ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවයට එක්විය. හෙතෙම සිංහල සිනමාවේ ‘සමනල කුමරියෝ’, ‘සැණකෙළිය’, ‘සධානා’, ‘හත්දින්නත් තරු’, ‘වස්තුව’ යන චිත්‍රපට සඳහා නිශ්චල ඡායාරූපකරණයෙන් දායක වී ඇත.
ඒ මහතා 1966 වසරේදී ලේක්හවුස් ආයතනයේ මාණ්ඩලික ප්‍රධාන ඡායාරූප ශිල්පියකු වශයෙන් උසස්වීමක් ලැබුවේය. හෙතෙම ‘සිළුමිණ’, ‘දිනමිණ’, ‘ඩේලි නිවුස්’, ‘ඔබ්සර්වර්’ යන පුවත්පත්වල ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියකු වශයෙන් ද සේවය කර තිබේ.
1980 දශකයේ මුල් භාගයේදී විජය පුවත්පත් සමාගම ආරම්භයත් සමගම බන්දු එස්. කොඩිකාර මහතා ද එහි සේවයට එක්විය. එහි ප්‍රථම පුවත්පත වන සිරිකත පුවත්පත වෙත ඔහුට අනගි සේවයක් ලබාදීමට හැකියාව ලැබිණි.
1984 වසරේදී උපාලි පුවත්පත් ආයතනයේ ‘දිවයින’ පුවත්පතට බැඳුණු ඔහු එහි ඡායාරූප කර්තෘවරයකු වශයෙන් ද සේවය කළේය.
1993 වසරේදී ‘දියවන්නා 93’ උළෙලේදී හොඳම වාර්තා ඡායාරූපකරණය සම්බන්ධයෙන් හෙතෙම සම්මානයට පාත්‍ර විය.
2008 වසරේදී ඒ මහතා ලක්බිම පුවත්පතේ ඡායාරූප කර්තෘවරයා වශයෙන් ද සේවය කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය
Saru FM Media