රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමට නොහැකි රටකට විදේශ ආයෝජකයන් නොපැමිණෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රාජපක්ෂ පවසනවා. Sri Lanka Latest News
නාවලපිටිය සහ ගම්පොළ යන ප්‍රදේශවල පිහිටි පළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා ඊයේ (02) නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්වීමකදී නාමල් රාජපක්ෂ මේ බව පවසා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ කියා සිටියේ “අධිවේගී මාර්ග හදන කොට අපට බැනපු ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 01වනදා පැවැති මැයි දින රැලියට ජනතාව කොළඹට ගෙන ආවේ එම අධිවේගී මාර්ගයේ බවයි.
එසේ පැමිණි ආධාර කරුවන් අධිවේගි මාර්ගයේ වාහන නතරකර ආහාර ලබා ගෙන ඇති බවත්, අපට බැනලා හරි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් එම මාර්ග භාවිතා කිරිම සතුටට කරුණක් බව නාමල් රාජපක්ෂ සඳහන් කළා.
විශ්වවිද්‍යාලවල සිටින ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ක්‍රියාකාරකයින්, විශ්වවිද්‍යාලවල නවක වදය දීම නතර කිරිමට පියවර ගත යුතු බවත්, එය නතර කිරිමෙන් පසු රටේ අධ්‍යාපනය ඉහළ දැමීමට හැකි බවත්, පක්ෂය තුල තිබෙන එම ප්‍රශ්නය විසදා ගැනීමෙන් අනතුරුව රටේ ප්‍රශ්න විසදිය හැකි බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියා.
රැස්වීම ආරම්භයේදි පසුගිය දා නාදුනන වෙඩිකකරුවෙකුගේ වෙඩි තැබීමකින් මිය ගිය දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රසාද් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීමටද විශේෂත්වයක්.
Saru FM Media