ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කියුබානු තානාපති අතර හමුවක් – Saru News | සිංහල

0
2

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ කියුබානු නව තානාපති පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) අතර හමුවක් අද (03) පෙරවරුවේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු වී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාව හා කියුබාව අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම ගැන හා කියුබානු කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ දිගුකාලීන් මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ආපදා කළමනාකරණය සඳහා සහයෝගය ලබා දීමේ හැකියාව පිළිබඳ කියුබානු තානාපතිනිය විසින් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම දෙරටේ සංස්කෘතික සහයෝගිතාවය වර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වී ඇත.

මෙහිදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියුබානු තානාපතිට ශ්‍රී ලංකාවේ දූත මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සුබ පැතුම් පිරිනමා තිබේ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here