ජල සම්පාදන මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී රක්ෂිත බන්ධනාගාරයට – Saru News | සිංහල

0
2

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරයා ලබන 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට.

මෙම විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ, දූෂණ වරද සහ දූෂණ වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතය.

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපතිගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදවා තිබිය දී එම මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින් කුලී ගෙවීමේ පදනම මත ටොයෝටා ප්‍රාඩ්‍රෝ (Toyota Prado) වර්ගයේ (SUV) ජීප් රථයක් කුලී පදනම මත ලබාගෙන තිබේ.

එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කළාද යන්න පිළිබඳව තහවුරු කරගැනීමකින් තොරව, කුලී මුදල් වශයෙන් රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂ පනස් දහසක (රු. 12,750,000) පමණ මුදලක් ගෙවීමට කටයුතු කිරීමෙන් රජයට පාඩුවක් සිදු කළ බව ඔහුට එල්ල වී ඇති චෝදනාවකි.

පී.එන් ඔටෝ හෝල්ඩින් නැමැති ආයතනයෙන් එකී වාහනය සපයා ගැනීමේ අරමුණින් ප්‍රසම්පාදන රීති නොසලකා හරිමින් කටයුතු කර එම ආයතනය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු කර වාහනය නිසි ලෙස භාරගැනීමක් සිදු නොකර සැපයුම්කරුට මුදල් ගෙවීමෙන් සැපයුම්කරුට අයුතු වාසියක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සහ එම වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here