”ජලය සහ රුධිරය එකට ගලා යා නොහැකියි” – සටන් විරාමය මැද අගමැති මෝදී පාකිස්ථානයට අනතුරු අඟවයි!

0
2


කොළඹ LNW:ඇමරිකාවේ මැදිහත්වීම මත දින හතරක ගැටුම්වලින් පසු ඉන්දු පාකිස්ථාන සටන් විරාමයෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පළමු වරට ජාතිය අමතමින් ”ත්‍රස්තවදයට එරෙහිව දැඩිව ප්‍රතිචාර දක්වන බව අවධාරණය කළේය.

තම දේශයට එරෙහි න්‍යෂ්ටික තර්ජනයක් ඉවසන්නේ නැති බවයි අගමැතිවරයා සඳහන් කළේ.

පහල්ගම් ප්‍රහාරය වැනි ප්‍රහාර නැවත සිදුවුවහොත් ඉන්දියාවේ සන්නද්ධ හමුදා විසින් ප්‍රතිප්‍රහාර දියත් කරන බව මෝදී අගමැතිවරයා පැවසුවේය..

පාකිස්ථානයේ ප්‍රහාරවලට සහ අතීතයේ බොහෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට එරෙහිව ජාතිය ආරක්ෂා කිරීම සඳහා කැපවූ සන්නද්ධ හමුදාවන්ට අගමැතිවරයා සිය ස්තූති පලකළ අතර “සෑම ඉන්දියානුවෙක්ම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබ ඉතිහාසය ලියා තිබෙනවා. මම ඔබේ ආශිර්වාදය ලබා ගැනීමට ආවා..ත්‍රස්තවාදීන් අපට අභියෝග කළා. නමුත් ඔබ ඔවුන්ට හිසට පහර දුන්නා. ඔබ ඔවුන්ගේ කඳවුරු විනාශ කර ත්‍රස්තවාදීන් 100ක් මරා දැමුවා. ඔවුන් අපට පහර දීමට උත්සාහ කළහොත් එහි ප්‍රතිඵලය ඔවුන්ගේ විනාශය බව ඔවුන් තේරුම් ගෙන තිබෙනවා,” යනුවෙන් එහිදී අගමැතිවරයා ජාතිය අමතමින් තවදුරටත් ප්‍රකාශ කළේය.

ජලය සහ රුධිරය එකට ගලා යා නොහැකි බව කී අගමැති මෝදි ඉන්දියාව සමඟ ඇති ජල ගැටලුව සාමකාමී සාකච්ඡා මගින් විසඳනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කරන ලදී.

දෙපාර්ශ්වය විසින්ම මේ වනවිට දැඩි ෂෙල් වෙඩි ප්‍රහාර හා ගුවන් ප්‍රහාර සිදු කර තිබෙන අතර ගැටුමට මුල් වුණේ ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් හි දු වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 ක් ඝතනය වීමයි.

එම ප්‍රහාරයට පාකිස්තානය පදනම් කරගත් ලෂ්කර්-ඊ-තායිබා සන්නද්ධ කණ්ඩායමකට ඉන්දියාව චෝදනා කළද පාකිස්ථානය ප්‍රකාශ කළේ එම කණ්ඩායමට සහය නොදෙන බවයි.

මේ අත, ඉන්දියාව සින්ඩූර් මෙහෙයුම දියත් කළ දා සිට හමුදා ගැටුමේදී තම සොල්දාදුවන් 11 දෙනෙකු මිය ගොස් 78 දෙනෙකු තුවාල ලැබූ බව පාකිස්ථානය අද (13) නිවේදනය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here