ජලය නොමැතිව රුක්මල්ගම පවුල් 500ක් අසරණ වෙයි

0
2

වැසි රහිත කාලගුණයත් සමග රුක්මල්ගම නිවාස සංකීර්ණයේ ජීවත්වන පවුල් 500කට අධික පිරිසකට දින කිහිපයක් තිස්සේ ජලය නොලැබීමෙන් දැඩි අසීරුතාවට පත්ව සිටියි.

මෙම පසුබිම හමුවේ ජාතික ජල සම්පාදන හා ජලාවපහන මණ්ඩලය විසින් ලීටර් දහසේ ජල ටැංකි කිහිපයක් තබා ඒ ඒ නිවාසවලට ජලය සැපයුවද ප්‍රදේශවාසීන් පවසන්නේ, ඇතැම් ජල ටැංකිවලට මෙතෙක් ජලය ලැබී නොමැති බවය.

පවතින ඉහළ ඉල්ලුම හමුවේ ඇතැම් ටැංකිවලට පුරවන ජලය, පැය බාගයක් වැනි කාලයක් තුළ අවසන් වන බවද ප්‍රදේශවාසීන් සඳහන් කර සිටී.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමක දී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තාවකාලික පිළියමක් ලෙස රුක්මල් නිවාස සංකීර්ණයේ ටැංකි ස්ථාපිත කර බවුසර් මගින් ඒවාට ජලය සැපයීමට පියවර ගෙන ඇති බවය.

එමෙන්ම ඉදිරියේදී මෙම ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

1980 වර්ෂයේදී රුක්මල්ගම නිවාස යෝජනා ක්‍රමයට ජලය සැපයීම සඳහා විශාල ජල ටැංකියක් ස්ථාපිත කර තිබුණද වසර ගණනාවකට පෙර බලධාරීන් විසින් එහි නඩත්තුව අත්හිටුවීම හේතුවෙන් දීර්ඝ කාලයක සිට තමන් මෙලෙස ජල ගැටලුවකට මුහුණ දෙන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here