පවතින වියළි කාලගුණික තත්වය මධ්‍යයේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එහි සභාපති චන්දන බණ්ඩාර සඳහන් කරන්නේ දිවයින පුරා වියළි තත්වයන් හේතුවෙන් ජල පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, මහජනතාව වඩාත් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කල යුතු බවත්ය.
පවතින වියළි කාලගුණය ඉදිරියටත් පැවතුනහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන බවද ඔහු අනතුරු ඇඟවයි.
විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ජල පිරිපහදු මධ්‍යස්ථානවලින් ජලය සැපයීමට හැකියාව ඇත්තේ යම් සීමාසහිත මට්ටමකට බවද ඔහු පවසයි.
මේ වනවිටත් උපරිම ධාරිතාවෙන් ජල නිෂ්පාදනය සහ බෙදාහැරීම් කරන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර වැඩිදුරටත් සදහන් කරයි.
මේ අතර ගංගාවලට මෝය කට ඔස්සේ ලවන ජලය මිශ්‍රවීම ඉහළ ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
8
Saru News
















