හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (1දා) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
1986 වසරේ දී පාකිස්තානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වර්ණවීර මහතා වසර 8කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කළේය.
පන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා දක්වා ඇති හෙතෙම 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 32ක් හා එක්දින කඩුලු 6ක් බිඳහෙළා ඇත.
වර්ණවීර මහතා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිටිය සැකසීමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබුණි. මිය යන විට ඒ මහතා 64වන වියේ පසුවිය.
Saru FM Media