ජයග්‍රහණය සඳහා විශිෂ්ඨයන් අතර අති විශිෂ්ඨයෙකු වී‍මේ උවමනාව පසක් කළ කවීජ

0
2

නිශ්මං රණසිංහ ,මාර්තු 24, කොළඹ LNW:

හැමෝ ගැනම හරියට නාඩිය අහුවෙන්නෙ නැහැ.ඒත් මේ වෙලාවෙ රටම කතා කරන කවීජ ගමගේ ගැන ජාතික ක්‍රිකට් වගකීම්වලට හරියටම නාඩිය අහුවෙලා කියලා හිතෙනවා.ඔහු අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම අවුරුදු දෙකක් නියෝජනය කරනවා.දෙවන පාර ඔහු කණ්ඩායමේ උප නායකයත් වෙනවා.දෙවන අවස්ථාවේ අපේ කණ්ඩායම ඔස්ට්‍රේලියාව ඉදිරියේ ලද අනපේක්ෂිත ආකාරයේ දැවන්ත පරාජය නොවුණනම් අවසාන කණ්ඩායම් හතරට වගේම අවසාන තරගයටත් එන් ඉඩ තිබුණා.ඔස්ට්‍රේලියාවට පරාජය වීම නෙමෙයි ශ්‍රී ලංකාවට ඉදිරියට යාම සඳහා බලපෑවෙ.ඒ පරාජය වුණ ලකුණු ප්‍රමාණයයි.

ඒ පරණ පිටුවෙන් අලුත් පිටුවට පෙරළෙන කොට අපට කවීජ හමුවන්නෙ ලංකාවෙ පාසල් ආදි සිසු සිසුවියන්ගෙ වසරේ ආදරණියම මතක සැමරුම් දිග ඇරෙන මහා ක්‍රිකට් තරගයක් සම්බන්ධයෙනුයි.ධර්මරාජ – කිංස්වුඩ් මහා ගැටුම ගැන කතාවෙ ආඩම්බරය කවීජ වෙත ගලා එන්නෙ කවීජගෙ තාත්තාටවත් බලන්න වුණේ නැති කිංස්වුඩ් ජයක් ලබා දෙන්න කවීජ මුල් වුණ නිසයි.බිග්මැච් කියන්නෙ හරියට එම විද්‍යාලවල ශිෂ්‍යන්ටත් වඩා ආදි ශිෂ්‍යන්ට ආගම වගෙයි.ඇදහීමක්.මේ ඇදහීම ඇතුළෙ කිංස්වුඩ් අවුරුදු 68 ක් ම ගෙවලා තියෙන්නෙ ජයග්‍රහනයක පිපාසාවෙන්.කවීජ ගමගේ ඒක ඉටු කරන්නෙ සමහර විට මේ කප තිබෙන තුරු කිසිම මහා ක්‍රිකට් තරගයක ජයග්‍රහණය වෙනුවෙන් නොදිය හැකි යැයි සිතෙන තරමේ විශිෂ්ඨ තුන් ඉරියව් ජයග්‍රහණයක් සමඟයි.

මේ පිංතූරෙ ඉන්නෙ කවීජයි තාත්තායි.දෙන්නම කිංස්වුඩ් පුත්තු.ඒ නිසා මෙහි පිය පුතු සෙනෙහස තරමටම සමහර විට ඊටත් වැඩියෙන් ගැබ්වෙලා තියෙන්නෙ කිංස්වූඩ් විමේ ආස්වාදය.ආඩම්බරය.ඒක තමයි මහා ක්‍රිකට් තරග සංස්කෘතියෙ ස්වරූපය.පාසලෙන් ඉවත් කරගන්න අපහසු ශිෂ්‍යභාවය සමහර වෙලාවට පාසල්වලට ඇණයක් වෙන තරමටම කරදරයි.ඒත් විදුහල් පරිපාලනයන් තමන්ගේම හෘද සාක්ෂියට අත දාලා අරං ඒ මොහොත තමන්ට ආදේශ කරගන්න බුද්ධිමත් වුණොත් දැනෙන දේ තමයි ඒ හැඟීම් දෝර ගලන්නෙ හදවතේ පතුළින්ම බව.

කවීජ ගැන දැන් තියෙන්නෙ මේ බිග් මැච් එකෙන් ඉස්සරහා පිටුවට යන්න.හැබැයි ඒ පිටුවට මේ ශතක දෙක තාත්තගෙ සිප ගැනීම වගෙ හෘදයාංගම කතාවලින් තොරව තියෙන ගැඹුරු කතා ටිකත් අපට කියවගන්න වෙනවා.

කවීජ මේ මහා තරගයට පෙරම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කියවාගත්තු ඒක තව දික් කරමින් ලියන්න ඕනි කතාවක මුල හයිය කොටසක්.ඒක තමයි ඇත්ත.කළාප තරගවලදිත් කවීජ මහනුවර නායකයා.ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා.ජාතික 19 න් පහළ කණ්ඩායම ඇතුළෙ විශ්වසනීය පිතිකරුවෙක් සහ පන්දු යවන්නෙක්.මාතර ශාන්ත ශර්වේසස් විද්‍යාලය දිනද්දිත් ඒකට කවීජ එක්ක 19 න්පහළ ජාතික කණ්ඩායමේ හිටිය තුන් ඉරියව්වෙන්ම දකෂතා පෙන්නපු මෙවර 19 න් පහළ ලෝක කුසලානයේ අති විශිෂ්ඨ පිතිකරුවෙකු බවට සටහන් තැබූ විරාන් චමුදිතත් හිටියා.ඔහු ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් දායක වුණාට කවීජ වගෙ පිරිච්චි කවීජම වෙච්චි දෙයක් කරන්න බැරි වුණා.ඉස්සෙල්ලම කියන්න ඕනි ඔහුගේ පළමු ඉණිම තනිකරම තමන්ට තෝමසුවන්ගෙ දෙයක් නැති බවට විශ්වාස කරගෙන දියත් කර පරාජයට පත් වුණ ඉණිමක්.

කවීජ මේ තරගයේදී ප්‍රකට කළේ ප්‍රතිවාදියා විශිෂ්ඨයි ඒ නිසා මා ජය ගැනීමටනම් අති විශිෂ්ඨ විය යුතුයි කියනාකාරයේ ඉණිමක්.තැනට උචිත ප්‍රහාරයක්.තරගය පුරා ඉතා ඉවසිල්ලෙන් ජයග්‍රහණය උදෙසා කළ සැළසුමක්.ඒ වගෙම කවිජව සම්පූර්ණයෙන් විහ්වාස කරපු කිස්වුඩ් සංස්කෘතියට කවීජ හූල්ලන්න ඉඩ තිබ්බෙත් නැහැ.ඔහු අති විශිෂ්ඨයෙක් ලෙස හැසිරිය යුතු බව අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් ක්‍රියා කළා.

පළමු ඉණිමෙ කවීජ පිටියට එන්නෙ ලකුණු 23 ට කඩුලු 2 ක් අහිමිව තිබියදීයි.ඔහු පැමිණ දැවී යන්නෙ ලකුණු පූවරුව 189 ක් ව තිබියදී අටවන කඩුල්ල ලෙසයි.ඒ ඔහු පිටියට පැමිණි පසු එකතු වුණ ලකුණු 166 න් ලකුණු 112 ක් ම ඔහුගේ නමට ලියා ගැනීමෙන් අනතුරුවයි.දෙවන ඉණිම ඔවුන්ට පළමු ඉණිමේ ලැබුණ වාසියත් එක්ක තරගයේ ඓතිහාසික ජයග්‍රහණයට යා යුතුයි.ඒ නිසා කවීජගේ දෙවන ඉණිමේ ශතකය එන්නෙ පළමු ඉණිමෙ 112 ට වැය කළ පන්දු 149 ආකාරයෙන් නෙමෙයි.පන්දු 80 ක් තුළයි.එයට හතරේ පහර 6 ක් විතරක් නෙමෙයි අස්ගිරිය ජාත්‍යන්තර පිටියේ සීමාවෙන් පිටතට ගිය හයේ පහර පහකුත් ඇතුළත් වුණා.

පන්දු යැවීම තුළ ප්‍රථම ඉණිමේ කවීජ සිය දඟ පන්දු යැවීමට පන්දු යැවීම ආරම්භ කරන්න ද්නන වගකීම ඉටු කළේ ලකුණු 70 ට කඩුලු 4 ක් ලබා ගෙනයි.දෙවන ඉණිමෙත් සිය දකුණත් දඟ පන්දුවට ඔහු ලකුණු 70 ක් ම දෙමින් කඩුලු 4 ක් දවා ගන්නවා.මේ කවිජගේ තුන් ඉරියව් දස්කම් අපූරුයි.මේ අපූර්වත්වය යට සැඟවී යන අඩු අවධානයක් හිමි වෙන විශිස්ඨයෙකුත් ඉන්නවා.ඔහු වමත් දඟ පන්දු යවන්නෙක්.නමින් කෙනුල පිහිලියන්ග.පළමු ඉණිමෙ ලකුණු 42 ට කඩුලු 5 ක් දවා ගන්නා කෙනුල දෙවන ඉණිමේදී ලකුණු 54 ට කඩුලු 6 ක් දවා ගන්නවා.ඔහු ලකුණු 96 ට ලබා ගත් කඩුලු 11 ධර්මරාජය පළමු ඉණිමේදී ලකුණු 160 ට වගේම දෙවන ඉණිමේදී ලකුණු 166 ට දවා ගන්නටත් හේතු වුණ ප්‍රධාන සාධකය වුණා.ඒ නිසා කෙනුලත් මේ තරගයේ අමතක නොකළ හැකි විශිෂ්ඨයෙක්.

නැවතත් ලිවිය යුතුම දේ කවිජගේ මේ තරගයේ ක්‍රීඩා රටාව තුළ ඔහු පෙන්වූ පැසුණු භාවයයි.එය විශිෂ්ඨයන් පරාජය කිරිමට තමන් අති විශිෂ්ඨ ලෙස ක්‍රියා කළ යුතු බවට ඔහුගේ හෘදය සාක්ෂිය ඔහුට පැවරූ වගකීම ඉටු කළ ආකාරයයි.හැමවිටම එසේම සිතන්න.ඔබ ඔබටත් රටටත් වටිනා ක්‍රිිකට් ක්‍රීඩකයෙකු වනු ඇත.ඒ සඳහා අවශ්‍යය පාළම මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහුට පෙන්වා දී ඇත.පරිස්සමට මේ පාළමේ යන්න.ඒක හෙළවෙන බොහෝ පිරිසක් පිරුණු තැනක්.එහිදී එබට උපකාරි වෙන්න අන අයගේ ආදරය කියවා ගැනීමේදී ඔබ පරිස්සම්ම විය යුතු වන්නේ කළමණාකරුවන් විසින් ඔබව නොවට්ටවා ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් වන අවස්ථාවන් හී දී ය.එහිදී ඔබේ තෝරා ගැනීම ඔබ ධනවතෙකු කරන්නට පමණක් සිතන අයෙකුට වඩා ඔබ පවතින මිනිස් සබදතා සමඟ ජීවත් කරවන, ආදරණිය මිනිසෙකුව සිටියදී ඔබේ ජීවිතය කළමණාකරණය කළ හැකි මිනිසෙකු විය යුතුය.එසේම ඔබට ව්‍යාපාර හදුන්වා දෙන කුමාර ජීවිතයකට ආගන්තුක ලෝකයකට කැඳවාගෙන යන මිනිසෙකු නොවිය යුතුය.උපයන මුදල් කළමණාකරණයට වඩා කවීජ ගමගේට ඔහු තුළ තිබෙන ඉහළ මිනිස් ගුණාංග රැක දෙන කළමණාකරනය කරන කෙනෙකු අවශ්‍යය වන්නේය.

මේ ඡායාරූපය කවීජ සහ ඔහුගේ පියාගේය.දහදියෙන් පිරුණු මේ සිරුරෙහි දහදිය පමණක් නොව අන් සියළුම බහිශ්‍රාවීය ද්‍රව්‍ය මේ පියාගේ සිරුරේ තැවරෙන්නට ඇති බව ඒවා ආදරයෙන් දරා ඉන්නට ඇති බව අපට සැක හරි විශ්වාස කළ හැකිය.ඉතිං ඒවා අනා තැනූ මේ විසල් පුත්‍ර රත්නයගේ පෙර නොව විරූ හපන්කම ගැන ඔහුට තරම් සතුටු වන්නට වෙන කිසිවෙකුටවත් අයිතියක් නොමැති බව අපි විශ්වාස කරන්නෙමු.

The post ජයග්‍රහණය සඳහා විශිෂ්ඨයන් අතර අති විශිෂ්ඨයෙකු වී‍මේ උවමනාව පසක් කළ කවීජ appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here