ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකා දෙකක් කොළඹ වරායට

0
11


ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් BUNGO සහ ETAJIMA නෞකා නිල සංචාරයක් සඳහා අද ( 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර තිබෙනවා .

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Uraga-Class Minesweeper Tender වර්ගයට අයත් ‘BUNGO’ නෞකාව, දිගින් මීටර් 141ක් හා නැව් මුළුව 125ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරීන් ලෙස, කොමාණ්ඩර් TANAKA Koji කටයුතු කරනු ලබනවා .

එමෙන්ම, කොළඹ වරායට සේන්දු වූ Minesweeper වර්ගයට අයත් ETAJIMA නෞකාව දිගින් මීටර් 67 ක් හා නැව් මුළුව 54ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරීන් ලෙස, කොමාණ්ඩර් ODA Takayuki කටයුතු කරනු ලබන බවයි සඳහන් වන්නේ .

තවද, මෙම නෞකාවන් මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, නිල සංචාරයෙන් අනතුරුව 2025 අප්‍රේල් මස 04 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here