ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අරලියගහ මන්දිරයේ දී අද (04) හමුවුණා.
ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගිතාවය ජපන් ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළා.
සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන්හි දී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපාන රජයේ, විශේෂයෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (ජයිකා) ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය කෘතඥතාව පළ කළා.
එමෙන්ම විනිවිදභාවය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික පරිවර්තනය සඳහා රජයේ කැපවීමද ඇය නැවත අවධාරණය කළා.
දේශගුණික ප්‍රතිචාර, මානුෂීය ආධාර සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි වගකීම්ද ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය පුළුල් කිරීම සඳහා වන රජයේ ඉදිරි දැක්ම පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය අදහස් හුවමාරු කර ගැනීම මෙහිදී සිදු වුණා.
වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා ඇතුළු ප්‍රධාන අංශ පහක් හරහා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමට ද දෙපාර්ශවයම එකඟතාව පළ කළා.
Saru FM Media