ජපන් අගමැතිනියට විශිෂ්ට ජයක් !

0
3

ජපාන අගමැතිනි සනයි තකයිචිගේ ( Sanae Takaichi) නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්වී ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සනයි තකයිචිගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) නායකත්වයෙන් යුත් සන්ධානය ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465 න් ආසන 352ක් දිනා ගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසයි.

ජපානයේ මහ මැතිවරණය ඊයේ (08) පැවැත්වුණු අතර පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයේ එවකට අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා වසරකටත් අඩු කාලයක් තුළදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කිරීමටත් සමග සනයි තකයිචි එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස බලයට පත්වී තිබුණි.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් මාස තුනකක් ගතවූ පසු ඉකුත්දා ඇය එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here