ජන හා නිවාස සංගණනය 2024 වාර්තාව ජනපතිට පිළිගන්වයි

0
9


ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදී තිබෙනවා. 

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 

2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින්, එම සංගණන මූලික වාර්තාව සකස් කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහන ව්‍යාප්තිය පිළිබඳව එම සංගණන වාර්තාවේ ඇතුළත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම අනෙකුත් ආයතන සඳහා ද ඉතා වැදගත් වනු ඇති. 

සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට දත්ත රැස් කිරීම සඳහා ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිත කිරීමද මෙවර සංගණනයේ විශේෂත්වයක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here