“ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනපති ට පිළිගන්වයි

0
16


ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ සිදු කෙරුණා.

2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කරගනිමින්  මෙම සංගණන මූලික වාර්තාව සකස් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහනය ව්‍යාප්තව සිටින ආකාරය පිළිබඳ මෙම සංගණන වාර්තාවේ සඳහන්.

සංගණනය මඟින් රැස්  කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට, රජයට වෙන්ව අනෙකුත් ආයතන සඳහාද ඉතා වැදගත් වනවා.

සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීම ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිතා කරමින් සිදු කර තිබීම ද විශේෂත්වයක්.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක,  මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන  අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනවිරත්නමහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here