ජනාධිපති හා ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්!

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

AI Impact 2026 සමුළුව සඳහා ආරාධනා කිරීම පිළිබඳ එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළකිරිමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව පුළුල් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය අගය කරමින්, ඒ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කෘතඥතාව ද පළකිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

මේ අතර AI Impact 2026 සමුළුවට සහභාගී වන අතරතුර ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සමඟ ද ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක්ව තිබුණි.

භූතානයේ අගමැති Tshering Tobgay, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, බ්‍රසීලයේ ජනාධිපති Lula da Silva යන රාජ්‍ය නායකයින් සමඟද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ජා පවත්වා තිබේ.

The post ජනාධිපති හා ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here