ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

0
10

සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

අද (27) පෙරවරුවේ ඔවුන් “යුක්තියේ මළගම” ලෙසින් පෙට්ටියක් පුළුස්සා දැමූ අතර පොලිසිය ප්‍රකාශ කළේ එය කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසය.

එමෙන්ම උපවාසය නිසා පදික වේදිකාව අවහිර වන බව පොලිසිය පැවසීමත් සමග මෙසේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර විවාදාත්මක තත්ත්වයක්ද ඇතිවිය.

වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකළ තමන්ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස බල කරමින් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (26) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් එහි සාමාජිකයින් සිව් දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here