ජනාධිපති ට්‍රම්ප් ‘සුදු ජන සංහාරයක්’ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයාට චෝදනා කරයි

0
2


සටහන: සශිකලා මධුෂාණි
මැයි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රාමෆෝසා ඊයේ(21) දිනයේදී ධවල මන්දිරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් අනතුරුව සුදු ජනතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදවට ලක්ව ඇති බව වාර්තා වේ.

කෝටිපති පතල් අධිපති රාමෆෝසා මෙහිදී වෙළඳාම සහ ආයෝජන කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් වෙළඳ ගිවිසුමක් ඉදිරිපත් කළ අතර ක්‍රියාතමක වීමට නියමිත 30%ක තීරුබදු සම්බන්ධයෙන් සාකච්ජා කරමින් දෙරටෙහි සහයෝගිතාවයේ වැදගත්කම ඉස්මතු කරන ලදී.

මෙහිදී ජනාධිපති ට්‍රම්ප් දකුණු අප්‍රිකාවේ ඝාතනවලට ගොදුරු වූ බවට චෝදනා එල්ල වන සුදු ජාතිකයින් පිළිබඳ ප්‍රවෘත්ති, ලිපි , මුද්‍රිත පිටපත් ඉදිරිපත් කරමින් දකුණු අප්‍රිකාව සුදු ජන සංහාරයක් කළ බවට චෝදනා කළ අතර මෙම ප්‍රකශය රාමෆෝසා ආචාරශීලීව නමුත් ස්ථිරවම ප්‍රතික්ෂේප කරනු ලැබිය.

සුඛෝපභෝගී භාණ්ඩ අධිපතියෙකු සහ අප්‍රිකානු ජාතිකයෙකු වන දකුණු අප්‍රිකාවේ ධනවත්ම මිනිසා වන ජොහාන් රූපට් ද නියෝජිත පිරිසේ සිට ඇති අතර ඔහු විසින් සුදු සුළුතරයට එරෙහිව වාර්ගික හිංසනය පිළිබඳ චෝදනාවලට ඔහු විරුද්ධ වූයේ අපරාධ බහුලව තිබුණත්, කළු ජාතිකයන් බොහෝ විට ගොදුරු වූවන් බව පවසමිනි.

කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප් මේ වන විට දකුණු අප්‍රිකාවට ජීවිතාරක්ෂක HIV වැඩසටහන් සඳහා අත්‍යවශ්‍ය සහාය ඇතුළු ආධාර ද කපා හැර ඇති අතර අප්‍රිකාවේ පැවැත්වෙන 20 කණ්ඩායමේ සමුළුවට ට්‍රම්ප් සහභාගී නොවන බවත් කියැවේ. මෙම සාකච්ජාව සම්බන්ධයෙන් එවකට ජනාධිපති බැරැක් ඔබාමා යටතේ දකුණු අප්‍රිකාවේ හිටපු එක්සත් ජනපද තානාපතිනි හෙලේනා හම්ෆ්‍රි සඳහන් කර තිබුණේ, මෙය අතිශය ලැජ්ජාවට කරුණක් බවත්, අවමන් කිරීමට, දකුණු අප්‍රිකාව අපහසුතාවයට පත් කිරීමට සෑම අභිප්‍රායක්ම තිබුණු බවත්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here