ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

0
10

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක් 1990 ගිලන් රථ සේවය මගින් රෝහල්ගත කර තිබේ.

ඇය ඇතුළු ගුරු සංවර්ධන නිලධාරීන් 4 දෙනෙකු ඊයේ (26) දිනයේ සිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර තිබුණේ වසර 07ක් තිස්සේ පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන්ව වහාම ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමිනි.

ඔවුන්ට සහාය පළ කරමින් තවත් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ සත්‍යග්‍රහයක නිරතව සිටින අතර අද (27) පෙරවරුවේ පොලීසිය ඔවුන්ට යම් බලපෑමක් කිරීමට උත්සාහ කිරීමේදී එහි උණුසුම් තත්වයක් ද හටගෙන තිබිණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here