ජනාධිපති කාර්යාලයේ වාහන අදත් වෙන්දේසියේ

0
4


ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අද දිනයේදී වෙන්දේසි කිරීමට නියමිතයි. 

ඊට අදාළ මිල ගණන් කැඳවීම ඊයේ දිනයෙන් අවසන් වුණා. මෙලෙස විකිණීමට නියමිත සියලු වාහන වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වනවා. 

අද වෙන්දේසි වන මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථයක් සහ ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක් ද ඇතුළත්. 

මීට අමතරව මිට්සුබිෂි මොන්ටේරෝ රථයක්, නිසාන් පෙට්‍රල් රථ තුනක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් දෙකක්, පෝර්ෂ් කේයින් මෝටර් රථයක් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි. 

ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථයක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථයක් ද අද වෙන්දේසි කරනු ඇති.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක් වෙන්දේසි කෙරුණා. 

ඊට ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ද ඇතුළත් වුණා. 

භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 06ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් ද සිදු කිරීමටයි පියවර ගත්තේ. 

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කෙරුණා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here