ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
මෙම පාලක මණ්ඩලය ජනාධිපති, ගමැති, කථානායක, විපක්ෂනායක, ජනාධිපති ලේකම් සහ ජනාධිපති විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළුව සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විතය.
මේ වනවිට පැවැත්වෙන සාකච්ඡාව සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී ජයකොඩි, හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ යන සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටිති.
1
Saru News










