ජනාධිපති අරමුදලේ නව පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ වැඩසටහන, කීර්තිමත් NBQSA (National Best Quality Software Awards) පරිගණක වැඩසටහන් සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් විය .
ඒ අනුව 2025 වසරේ පෙබරවාරි 07 වන දින සිට සාර්ථකව ක්‍රියාත්මක වන, ජනාධිපති අරමුදලේ පුරවැසි සේවාවන් විධිමත් කළ නව ඩිජිටල් පද්ධතිය වෙනුවෙන් පුරවැසි සේවා කාණ්ඩයේ ලෝකඩ සම්මානය (Bronze Award) සහ රාජ්‍ය අංශයේ විශිෂ්ටතම ඇගයීම් සම්මානය මෙහිදී හිමි විය.
මෙම ද්විත්ව සම්මානය හිමිවීම මගින්, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මහජනතාවට කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් සේවාවක් සැපයීම සඳහා ජනාධිපති අරමුදල ගෙන ඇති පියවර ජාතික මට්ටමින් ඇගයීමට ලක්වී ඇත.විශේෂයෙන් රාජ්‍ය අංශයේ විශිෂ්ටතම ඇගයීම් සම්මානය දිනා ගැනීම, අනෙකුත් රාජ්‍ය ආයතන වෙත ඩිජිටල්කරණයෙහි සාර්ථකත්වය සහ වැදගත්කම පිළිබඳව ආදර්ශයක් සපයයි.
Saru FM Media