රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW:
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල්කරණය කිරීමෙන් වසරක් ඇතුළත වෛද්‍යාධාර අයදුම්පත් ලැබීම 59% කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව 2025 වසරේ ජනාධිපති අරමුදල වෙත අයදුම්පත් 5277ක් ලැබී තිබෙන බව සඳහන් වේ.
2024 වසරේ ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 3,313ක් වන අතර 2023 වසරේ ලැබී තිබූ අයදුම් පත් සංඛ්‍යාව 3456කි.
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2024 වසරට වඩා 2025 වසරේදී අයදුම්පත් 1964ක් ලැබී ඇති බව සඳහන් වේ.
එම අයදුම්කරුවන් අතරින් 70%කට වැඩි පිරිසකට මේ වන විට වෛද්‍යාධාර ලබා දීමද අවසන් කළ බවද වාර්තා වේ..
ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා දිවයින පුරා සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත් ලැබෙමින් පවතින අතර 2025 වසරේදී උතුරු පළාතේ අයදුම් පත් යොමු කිරීම 253%කින් වර්ධනය වී ඇති අතර නැගෙනහිර පළාතේ 135%කින්, මධ්‍යම පළාතේ 116%කින් සහ ඌව පළාතේ 108%කින් අයදුම්පත් ලැබීම ඉහළ ගොස් ඇත.
ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම 2025 වසරේ පෙබරවාරි 07 වන දා සිට ආරම්භ විය.
Saru News








