ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් හිටපු මැතිඇමති 22කගේ තොරතුරු CIDයට දෙන්නැයි අධිකරණය නියෝගය කරයි

0
8


ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති මහජන නියෝජිතයින් 22 දෙනෙකු ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රජයේ සහ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් පිරිසකට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්ට නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසම් කිහිපයක් ගොනුකරමින් සිදුකළ ඉල්ලීමක් අප්‍රේල් 30 වැනි දින සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. එමෙන්ම, මෙම මහජන නියෝජිතයින් ලබාගත් ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස රජයේ සහ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් පිරිසකටද කොටුව මහේස්ත්‍රාත් නියෝග කර තිබේ. මෙම පිරිස විදේශගතව ප්‍රතිකාර ලබා ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරියටද නියෝග කර ඇත.
මෙම 22නා තෝරාගෙන තිබෙන්නේ ජනාධිපති අරමුදල අවභාවිතා කළ 36 දෙනෙකු ගැන කළ පරීක්ෂණවලින් පසුව බව වාර්තාවේ. මූලික අරමුණුවලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනෙකුට ජනාධිපති අරමුදලෙන් 2005-2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය 2024 දෙසැම්බර් මස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළයේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි, ජනාධිපති අරමුදලින් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් අතර පහත නම් සඳහන් වේ.
පී. හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන, පී. දයාරත්න, එස්.සී. මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුර දේවප්‍රිය, එස්.ඒ. ජගත් කුමාර, කේ.පී.එස්. කුමාරසිරි, ජයලත් ජයවර්ධන, නාමල් ගුණවර්ධන, ධර්මදාස බණ්ඩා, වීදුර වික්‍රමනායක, විමලවීර දිසානායක, ලකී ජයවර්ධන, පී. චන්ද්‍රසේකරන්, ජෝන් අමරතුංග, ජෝසප් මයිකල් පෙරේරා, ටී.බී. ඒකනායක, ඩබ්.එම්.එස්. ෆොන්සේකා, ජයන්ත වීරසිංහ, ඇලෙක් අලුවිහාරේ, රංජිත් අලුවිහාරේ, රාජිත සේනාරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රංජිත් සොයිසා, සහ දි.මු. ජයරත්න යන අය මෙම ලැයිස්තුවේ අඩංගු වේ.
ඒ අතරින් දි.මු. ජයරත්න රුපියල් මිලියන 30ක්ද, රංජිත් සොයිසා රුපියල් මිලියන 18.8ක්ද, එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන රුපියල් මිලියන 11.2ක්ද, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් මිලියන 11ක්ද, රාජිත සේනාරත්න රුපියල් මිලියන 10ක්ද, ජයන්ත වීරසිංහ රුපියල් මිලියන 09ක්ද, ඩබ්.එම්.එස්. ෆොන්සේකා රුපියල් මිලියන 5.5ක්ද, ටී.බී ඒකනායක රුපියල් මිලියන 4.8ක්ද, ජෝන් අමරතුංග රුපියල් මිලියන 04ක්ද, විමලවීර දිසානායක රුපියල් මිලියන 03ක්ද ලබාගෙන ඇත.
ඊට අමතරව, ජෝසප් මයිකල් පෙරේරා රුපියල් මිලියන 2.7ක්ද, ඇලෙක් අලුවිහාරේ රුපියල් මිලියන 2.2, ලකී ජයවර්ධන රුපියල් මිලියන 1.62ක්ද, වීදුර වික්‍රමනායක රුපියල් මිලියන 1.5ක්ද, එස්.ඒ ජගත් කුමාර රුපියල් මිලියන 01ක්ද, ජයලත් ජයවර්ධන රුපියල් මිලියන 01ක්ද, නාමල් ගුණවර්ධන රුපියල් මිලියන 01ක්ද, ධර්මදාස බණ්ඩා රුපියල් මිලියන 01ක්ද, පී. චන්ද්‍රසේකරන් රුපියල් මිලියන 1.4ක්ද, කේ.පී.එස් කුමාරසිරි රුපියල් මිලියන 0.9ක්ද, සහ රංජිත් අලුවිහාරේ රුපියල් මිලියන 0.8ක්ද ලෙස සැලකිය යුතු මුදල් ප්‍රමාණයන් ලබාගෙන ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here