ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති මහජන නියෝජිතයින් 22 දෙනා ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසම් කිහිපයක් ගොනුකරමින් සිදුකළ ඉල්ලීමක් ඊයේ (අප්‍රේල් 30) සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙම මහජන නියෝජිතයින් ලබාගත් ප්‍රතිකාර පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස රජයේ සහ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් පිරිසකට නියෝග කළ කොටුව මහේස්ත්‍රාත්වරිය මෙම පිරිස විදේශගතව ප්‍රතිකාර ලබා ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරියට ද නියෝග කළාය.
Saru FM Media