Monday, May 5, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ජනාධිපති අනුර ගැන සාවද්‍ය ප්‍රකාශයක් කළ බවට හිටපු ලොතරැයි අධ්‍යක්ෂකට එරෙහිව පැමිණිල්ලක්

ජනාධිපති අනුර ගැන සාවද්‍ය ප්‍රකාශයක් කළ බවට හිටපු ලොතරැයි අධ්‍යක්ෂකට එරෙහිව පැමිණිල්ලක්

0
2


a-complaint-has-been-filed-against-a-former-lottery-director-for-making-a-false-statement-about-president-anura

ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

මෙම පැමිණිල්ල ඊයේ (04) දින නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් ගොනු කරන ලද අතර, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ද එම අවස්ථාවට සහභාගී වී ඇත. පැමිණිල්ල ගොනු කරන ලද්දේ තුසිත හල්ඔලුව මහතා ජනාධිපති අනුර දිසානායක මහතා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය පිළිබඳව කඩිනමින් විමර්ශනයක් පැවැත්විය යුතු බවට ඉල්ලීමක් කරමිනි.


තුසිත හල්ඔලුව මහතා පසුගිය දිනක මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශයක දී සඳහන් කර ඇත්තේ ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ නැව් සමාගමක රුපියල් බිලියන 4ක පුද්ගලික ආයෝජනයක් සිදු කර ඇති බවයි. මෙම ප්‍රකාශය සාවද්‍ය බව පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර, එය ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි කරන සුළුයි.
තුසිත හල්ඔලුව මහතා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමයේ සිට විවිධ අමාත්‍යවරුන්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත. එමෙන්ම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙසත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් සේවය කර ඇත. තවද, ඔහු කලක් ජනතා විමුක්ති පෙරමුණ සමග ද සමීපව කටයුතු කළ අයෙකු බව වාර්තා වේ.
2017 – 2019 සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයෙන් ලබාගත් රුපියල් 470,000 දහසකට අධික වටිනාකමකින් යුත් පරිගණකයක් හා ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට සතියකට පෙර අධිකරණයට භාරවූ තුසිත හල්ලොලුව ඇප මත මුදාහැර තිබුනේ,


රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කර ඇත.
ඔහු ජනපතිට එරෙහිව අවදලාද නගන්නේ මෙම සිද්ධියෙන් පසුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here