මෙරට ජනතාව පිට පිටම ප්‍රධාන මැතිවරණ දෙකකට මුහුණ දී තුන්වැනි මැතිවරණයකට ද මුහුණ දෙන බවත් ජනාධිපතිවරනයේ හා මහමැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවේ පොහොසත් රටක් නිර්මාණය කිරිමට වුවත් මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොරොන්දු පත්‍රිකාව නැවත කියවන ලෙස ඉල්ලා සිටින බවත් මොවුන් බලයට ඇවිත් කළේ බොරුව සටකපට දේශපාලනය ජනතාව ඇන්දවීම හා පච දේශපාලනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි
බලයට පැමිණි පසු IMF ගිවිසුම වෙනස් කරනවා කිව්වත් බලයට පැමිණි පසු පසුගිය රජයේ IMF ගිවිසුමම ක්‍රියාත්මක කළ බවත් අද වන විට සහල් පොල් කිරිපිටි මිල ද වැඩි වී ඇති බවත් පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය ආහාරවලට ගහන වැට් එක අඩු කරනවා කිව්වත් එයද කඩවුණු පොරොන්දුවක් වී ඇති බවත් එක පෑන් පාරින් ප්‍රශ්න විසඳනවා කිව්වත් කිසිවක් නොවිසඳුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ රජය සුපිරිම අග්‍රගනයේ පච දේශපාලනය ක්‍රියාත්මක කළ බවත් මොවුන් පච කප්පිත්තන් බවට පත් ව ඇති බවත් විදුලි බිල 33%කින් සහ තෙල් මිල ද වරායෙ මිලදී ගන්නා ප්‍රමාණයට අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
පොහොර සහනාධාරය හරියට දි ගන්න බැරිව ඇති බවත් අද වන විට වී ගොවිතැනට පවා හරියට පොහොර සහනාධාර නොලැබෙන බවත් ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර නොලැබෙන බවත් කෘෂිකාර්මික ක්ෂේත්රයේ අර්බුද රැසක් ඇති බවත් ඒවාට විසදුම් නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
බොරුව රැවටිල්ල මිස කරපු දෙයක් නැති බවත් පච දේශපාලනය පමණක් අලුත් කර අයවැය යෝජනාවේ නැති දේවල් පවා කියන බවත් මේ ආකාරයට කියන බොරු ජනතාව පිළිනොගන්නා නිසා අලුත් තුරුම්පුවක් ලෙස මාලිමාවේ බලය නැති සභාවලට මුදල් වෙන් නොකරන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.





Saru FM Media