අලුත් අවුරුදු සුබපැතුම් කෙටි පණිවිඩ මෙවර අලුත් අවුරුද්දේ නොයැවීම හරහා ජනාධිපති අනුර දිසානායක මහතා ලක්ෂ 980ක මුදලක් රටට ඉතුරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ඨහච්චි මහත්මිය පවසයි.Sri Lanka Latest News
පලාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී ඇය මෙම අදහස් පල කලාය.
‘අලුත් අවුරුද්දටත් අපිට ෆෝන් එකට එන අවුරුදු සුභ පැතුම් එක්ක බලනකොට ජනාධිපතිතුමාගෙනුත් අපිට සුබ පැතුම් පණිවිඩයක් එන්න තිබුණා. හැබැයි මේ අවුරුද්දේ ඒක ආවෙ නෑ.
ඒ සුභ පැතුම් පණිවිඩය ආවෙ නෑ කියලා රටට ප්‍රශ්නයක් වුණෙත් නැහැ අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ.
හැබැයි විශාල මුදලක් ඉතුරු වුනා කියන එක විතරක් කියන්න ඕනේ.
පහුගිය අවුරුද්ද විතරක් මේ SMS එකට රුපියල් ලක්‍ෂ 980ක් වියදම් වෙලා තියෙනවා.
Saru FM Media