ජනවාරි මාසයේ කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ඉහළට 

0
8

2026 ජනවාරි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ජනවාරි මාසය සඳහා සියයට 2.3ක් දක්වා ඉහළ ගොස් ඇත.

එය 2025 දෙසැම්බර් මාසයේදී වාර්තාවී තිබුණේ, සියයට 2.1ක් ලෙසිනි.

2026  ජනවාරි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  සියයට 3.3 දක්වා  වැඩිවී ඇති අතර 2025 දෙසැම්බර් මාසයේදී එය සියයට 3.0ක් ලෙසට වාර්තා විය.

එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 1.8%ක් ලෙස පැවැති අතර, 2026 ජනවාරි මාසය සඳහා ද එම අගය සියයට 1.8ක් ලෙස නොවෙනස්ව පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here