ජන­වාරි මාසයේ අප­න­යන ආදා­යම ඩොලර් මිලි­යන 1,532.6ක්

0
2

2026 වසර ආර­ම්භ­යේදී ශ්‍රී ලංකාවේ අප­න­යන අංශය පසු­ගිය වස­රට සාපේ­ක්ෂව සිය­යට 13.71ක වර්ධ­න­යක් ළඟා කර­මින් මුළු අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1,532.6ක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ (EDB) සභා­පති මංගල විජේ­සිංහ මහතා පැවැ­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමු­ව­කදී ඒ මහතා පැව­සුවේ මෙම ආදා­යම් වාර්තා සම­ඟම මෙරට විදේශ වෙ‍ෙළඳ ක්ෂේත්‍රයේ නව පිබි­දී­මක් පෙන්නුම් කරන බවයි.

ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යා­ලේ­ඛන සහ මැණික් හා ස්වර්ණා­භ­රණ, ඛනිජ තෙල් නිෂ්පා­දන සහ සේවා අප­න­යන පිළි­බඳ ඇස්ත­මේ­න්තු­ගත දත්ත­ව­ලට අනුව, මුළු අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1,532.6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2026 ජන­වාරි මාසයේ දී වාර්තා වූ මෙම ආදා­යම වාර්ෂික අප­න­යන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ යහ­පත් ආර­ම්භ­යක් වන අතර ජාත්‍ය­න්තර වෙ‍ෙළ­ඳ­පළ ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට පත්වීම, අඛණ්ඩ කාර්මික ධාරි­තාව සහ උපා­ය­මා­ර්ගික අප­න­යන සංව­ර්ධන මුල­පි­රීම් මඟින් රටේ අප­න­යන අංශයේ වර්ධ­නය වන තර­ග­කා­රි­ත්වය මෙම­ඟින් මනාව පැහැ­දිලි වේ. නිසි ප්‍රති­ප­ත්ති­මය සහ­යෝ­ගය සහ වෙ‍ෙළ­ඳ­පළ විවි­ධාං­ගී­ක­රණ ප්‍රය­ත්න­යන් සම­ඟින්, 2026 වසර පුරාම මෙම සාධ­නීය ප්‍රව­ණ­තාව පවත්වා ගැනී­මට ශ්‍රී ලංකාව මනාව සූදා­නම්ව සිටින බව ද සභා­ප­ති­ව­රයා කීය.

2026 ජන­වාරි මාස­යේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අප­න­ය­නය පෙර වස­රට සාපේ­ක්ෂව 10.66%ක වර්ධ­න­යක් වාර්තා කර­මින් එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 1,165.02 දක්වා ළඟා වී ඇත. මැණික් හා ස්වර්ණා­භ­රණ සහ ඛනිජ තෙල් නිෂ්පා­දන සඳහා ඇස්ත­මේ­න්තු­ගත සංඛ්‍යා­ලේ­ඛන ඇතු­ළුව ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාව­කා­ලික දත්ත­ව­ලට අනුව මෙම වර්ධ­නය සිදුවී තිබේ. එසේම, 2026 ජන­වාරි මාසය සඳහා සේවා අප­න­යන ඉපැ­යීම් 24.59%කින් සැල­කිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එය එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 367.55ක් ලෙස ඇස්ත­මේන්තු කර ඇති බව ද සභා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here