ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ අභි­වෘ­ද්ධි­යට අය-වැයෙන් මිලි­යන 100ක්

0
2

ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ කුස­ලතා සංව­ර්ධ­නය වෙනු­වෙන් උසස් අධ්‍යා­පන ශිෂ්‍යත්ව පිරි­නැ­මී­මට සහ තාක්ෂ­ණික ප්‍රවේ­ශ­යන් සඳහා සහාය ලබා­දී­මට 2026 අය­-වැ­යෙන් රුපි­යල් මිලි­යන 100ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (03) පැව­සීය.

මේ වස­රේදී ශිෂ්‍යත්ව සඳහා රුපි­යල් මිලි­යන 54 කුත් තාක්ෂ­ණික ප්‍රවේශ සඳහා රුපි­යල් මිලි­යන 50 කුත් ලෙස මුදල් වෙන් කර ඇතැයි ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

ජාතික ජන බල­වේ­ගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලාල් ප්‍රේම­නාත් මහතා වාචි­කව ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

ජන­මා­ධ්‍ය­වේ­දීන්ගේ කුස­ලතා සංව­ර්ධ­නය වෙනු­වෙන් 2025 වස­රේදී මේ සඳහා වෙන් කර තිබුණේ රුපි­යල් මිලි­යන 7ක් බවත් එම අර­මු­දල් භාවිත කර මාධ්‍ය­වේ­දීන් 61කට ශිෂ්‍යත්ව ලබා­දුන් බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

තාක්ෂ­ණික ප්‍රවේ­ශය සඳහා වෙන් කර ඇති මුද­ලින් මාධ්‍ය­වේ­දීන්ගේ ධාරිතා සංව­ර්ධ­නය සඳහා යෙද­වී­මට පිය­වර ගන්නා බව ද ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. මෙරට ක්‍රියා­කාරී ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දීන් සහ වාර්තා­ක­රු­වන් සංඛ්‍යාව 2025 දෙසැ­ම්බර් 31 වැනිදා වන විට 876 ක් බවත් මාධ්‍ය හැඳු­නු­ම්පත් ලබා ගත නොහැකි වූ අයට නැවත අය­දුම් කර හැඳු­නු­ම්පත ලබා ගත හැකි බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දීන්ට ගෙවන ගෙවීම් ඇතැම් මාධ්‍ය ආය­ත­න­ව­ලින් ප්‍රමාද කරන බවට වාර්තා වන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍ය­ක්ෂ­ව­රයා විසින් අදාළ ගෙවීම් මාධ්‍ය­වේ­දීන්ට ගෙවන ලෙසට දැනුම් දී ඇති බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

මාධ්‍ය­වේ­දීන්ගේ අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වන්නේ නම් ඔවුන්ට නීති­යෙන් සාධා­ර­ණය ඉටු කරන බව ද ඇමැ­ති­ව­රයා කීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here