ජනප්‍රිය නළු චක් නෝරිස් දිවි රඟ මඬලෙන් සමුගනී

0
4

ලොව පුරා අතිශය ජනප්‍රිය හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නළුවෙකු මෙන්ම ආත්මාරක්ෂක සටන් ශිල්පියෙකු වන චක් නෝරිස් මහතා (Chuck Norris) අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

පස් දරු පියෙකු වූ ඔහු, මියයන විට 86 වැනි වියේ පසුවූ අතර, අවසන් සමයේ රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් හරහා නොරිස් මහතා ගේ අභාවය පිළිබඳව නිවේදනය කර ඇති ඔහුගේ පවුල පවසා ඇත්තේ ඔහු සිය පවුලේ සාමාජිකයන් සමීපයේ සැනසීමෙන් අවසන් සුසුම් හෙළූ බවයි.

1940දී මෙලොව එළිය දුටු චක් නොරිස් මහතා නළුවෙකු ලෙස ප්‍රසිද්ධ වීමට ප්‍රථම ඇමෙරිකානු ගුවන් හමුදාවේ සේවය කළේය.

කරාටේ, ටයික්වොන්ඩෝ, ජූඩෝ හා ජිවු ජිට්සු වැනි ආත්මාරක්ෂක සටන් ක්‍රම කිහිපයකම නිපුණත්වයක් ඉසුලූ ඔහු, පළමුව ජනප්‍රිත්වයට පත්වූයේ 1972දීය. ඒ, බෲස් ලී සමග පෙනී සිටි “වේ ඔෆ් ද ඩ්‍රැගන්” චිත්‍රපටය හරහාය.

ඩෙල්ටා ෆෝස්, මිසින් ඉන් ඇක්ෂන් වැනි චිත්‍රපට ඔස්සේද නළුවෙකු ලෙස වඩාත් ස්ථාවර වූ චක්, වඩාත්ම ජනප්‍රිය වූයේ ‘වෝකර් ටෙක්සාස් රේන්ජර්’ නම් ටෙලිනාට්‍ය මාලාව ඔස්සේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here