ජනපති හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් අතර හමුවක්

0
3


වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ එරට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම්  මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. 

ඒ, හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදීයි.
 

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වසර 55ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එම අවස්ථාවට එක්ව තිබෙනවා.
 

මේ අතර හෝ චි මිං නගරයේදී ලබන 06 වනදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි. 

එමෙන්ම එම සංචාරයේදී ජනාධිපතිවරයා විසින් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට හා ව්‍යාපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.     
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here