ජනපති පක්ෂ නායක හමුව අද

0
12


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ බදු සංශෝධන ශ්‍රී ලංකාවට බලපා ඇති ආකාරය සහ ඉන් ආරක්ෂා වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විපක්ෂය කළ ඉල්ලීමට කන් දෙමින් එම සාකච්ඡාව අද (10) පෙරවරු 11.00ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඒ සඳහා විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ රැසක නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් 12 දෙනකු මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවිය යුතු බවට ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට වහාම සහ ක්ෂණිකව අවධානය යොමු කරමින් රජය මෙම සාකච්ඡාවට පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

 

 

 

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here